Wednesday, May 15, 2024

General line - 0115112241

කල්මුණේ සමන්තුරේ සහ චවලකඩේ තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය

වසන්ත චන්ද්‍රපාල




කල්මුණේ, සමන්තුරේ සහ චවලකඬේ යන පොලිස් බල ප‍්‍රදේශවලට පැනවු පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි.

දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට ඊයේ (27) රාතී‍්‍ර 10.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (28) අලුයම 04.00ට ඉවත් කෙරුණා.

කල්මුණේ, සමන්තුරේ සහ චවලකඬේ පොලිස් බල ප‍්‍රදේශවල තවදුරටත් දැඩි සෝදිස් මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි ආරක්ෂක අංශ පැවසුවේ. මේ අතර ආරක්ෂක අංශ විසින් අද (28) අලුයම නින්දවූර් ප‍්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව නෙත් නිවුස් වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල කියා සිටියා.

මේ අතර දේවස්ථාන සහ ප‍්‍රධාන හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ඉස්ලාමීය අන්තවාදී ම්ලේච්ඡ ප‍්‍රහාරයට අදට සතියක් ගත වනවා. පුද්ගලයින් 250කට ආසන්න පිරිසකට මරු කැඳවූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 450කට අධික පිරිසක් තුවාල ලැබුවා.