Thursday, May 16, 2024

General line - 0115112241

දින සහ වේලාවන් දක්වමින් පැතිර යන ලිපිය බොරුවක්

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




සිදු විය හැකි ප‍්‍රහාරයක් පිළිබඳ දක්වමින් ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසනවා.

එහි සභාපති කිෂූ ගෝමස් නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම ලිපිය සම්බන්ධයෙන් තම ආයතනය පොලිසියට ද පැමිණිලි කර ඇති බවයි. 

ප‍්‍රහාරයක් සිදු විය හැකි ස්ථාන, දින හා වේලාවන් ද දක්වමින් මෙම ලිපිය සකස් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී සහ මාධ්‍ය හමු කිහිපයකදී ද මේ පිළිබඳ ඊයේ කතාබහට ලක්ව තිබුණා.