Friday, May 17, 2024

General line - 0115112241

රටේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට අතුරුපසක්

හේමන්ත කහවලගේ




ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ දිනවල අතිරේක රාජකාරීවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට සැහැල්ලූ අතුරුපසක් ලබාදීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ සඳහා පැය 10ත් 12ත් අතර කාලයක් නොකඩවා රාජකාරී සිදු කරන නිලධාරීන්ට එක් අයෙකුට දිනකට රුපියල් 75ක් බැගින්ද පැය 12කට වැඩි කාලයක් නොකඩවා රාජකාරී සිදු කරන නිලධාරීන්ට එක් අයෙකුට දිනකට රුපියල් 100 බැගින් ද වෙන් කරන ලෙසයි නිර්දේශ කර ඇත්තේ.