Friday, May 17, 2024

General line - 0115112241

ලිපියක ඇති බව කියන කොටසක් විමල් සහ බදියුර්දීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති කරයි

සමන්ත කුමාර




ඇඳුම සම්බන්ධයෙන් වූ ගැටළුවක් මත මුස්ලිම් ගුරුවරියන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු වුණා. හිජාබය පැළඳ පැමිණීම නිසා පාසලට ඇතුළුවීමට අවසර හිමි නොවූ පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියන් දස දෙනෙකුට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසද් සාලි විසින් ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වුණේ. 

කෙසේවෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍ර විමල් වීරවංශ මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය කබීර් හෂීම් ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුකූල නොවන පරිදි කිසියම් පුද්ගලයෙකු කටයුතු කර ඇත්නම් එය නීතිවිරෝධී කි‍්‍රයාවක් බවයි.

මේ අතර සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කිහිප දෙනෙකු සතුව තිබී ඉකුත්දා සොයාගත් ලිපියේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද සඳහන් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කියාසිටියා. එහිදී මන්තී‍්‍රවරයා සහ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා අතර උණූසුම් සංවාදයක් ඇති වුණා.

එහිදී "කිරිඇල්ල ඇමතිතුමා එයා අමාත්‍යාංශ මුදල්වලින් වියදම් කරලා හදපු ඒ පත්‍රිකාවේ එක ඡේදයක තියෙනවා..ජනාධිපතිවරයාට තියෙන චෝදනාවලට අමතරව රිෂාඩ් බදියුර්දීන් කියන අමාත්‍යවරයාත් මේ වහබ්වාදී අන්තවාදයට උඩගෙඩි දෙනවයි කියලා." යනුවෙන්  පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කියාසිටියා.

(එම සංවාදය පහතින් දැක්වෙයි)

ආන්දෝලනයකට තුඩු දී ඇති යෝජිත ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්බන්ධයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් පළ කළා. ඔහු කියාසිටියේ නව පනත් කෙටුම්පතේ මෙන්ම දැනට කි‍්‍රයාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේද අඩුපාඩු රැසක් පවතින බවයි.