Friday, May 17, 2024

General line - 0115112241

රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැතුව බෑ

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වයන් මේ වනවිටත් මෙරට ආර්ථිකයේ ක්‍ෂේත‍්‍ර කිහිපයකට බලපෑම් එල්ල කර ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පැවසුවේ ඉකුත් දින කිහිපය තුළ කොටස් වෙළදපොළ සියයට 5 කින් පමණ කඩා වැටී ඇති බවයි. අඛණ්ඩව රුපියල අවප‍්‍රමාණයවීම ඊට හේතුව බවද ඔහු ප‍්‍රකාශ කළා. 

පවතින තත්ත්වයෙන් මිදීම සඳහා රජය මේ වනවිටත් වැඩපිළිවෙල කිහිපයක් යෝජනා කර තිබෙනවා. එහෙත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට එය ප‍්‍රමාණවත් නොවන බවයි ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පැවසුවේ. රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සියළු පාර්ශ්වවලට සහතිකයක් ලබාදීමට රජය මේ මොහොතේ කටයුතු කළයුතු බවද ඔහු ප‍්‍රකාශ කළා. 

පවතින තත්ත්වයෙන් මිදීම සඳහා ශී‍්‍ර ලංකාවට දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල සහයෝගයද අත්‍යවශ්‍ය වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.