Thursday, May 16, 2024

General line - 0115112241

ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටි ශිවාජිලිංගම්ට සිතාසි

දිනසේන රතුගමගේ




දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා හිටපු මන්තී‍්‍ර එම්. කේ. ශිවාජිලිංගම්ට ලබන 31 වැනිදා යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, යාපනය පොලීසිය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට සහ වැල්වැටිතුරේ නගරාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති නඩුවකට අදාළවයි.

එල්. ටී. ටී. ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා වැල්වැටිතුරේ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයට ගොස් ඉකුත් වසරේදී කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙලෙස නඩු පවරා තිබෙනවා.

මේ අතර උතුරේ සහ නැගෙනහිර නැවත වරක් ජන සංහාර සැමරුම් සතිය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. හිටපු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් පැවසුවේ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කිරීම සඳහා ලබන 12 වැනිදා සිට 18 වැනිදා දක්වා මෙම සතිය ප‍්‍රකාශයට පත්කරන බවයි.

ස්ථාන 14ක දී සැමරුම් සිදු කරන බවද උතුරු පළාත් සභාව විසුරුවා හැර ඇති නිසා යාපනය විශ්ව විද්‍යාලයේ සහ ස්වෙච්ඡා සංවිධානවල සහය ලබාගෙන සැමරුම් සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.