Thursday, May 16, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ස්තූති කරමින් ලිපියක්




ආගමන විගමන පාලකවරයා ලෙස වසර පහක සේවා කාලය තුළ තමන්ට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව හිටපු ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ පවසනවා.

ඔහු 2019 අප්‍රේල් මස පළමු වැනි දින සිට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගත්තා. 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යංශයේ හිටපු වර්තමාන අමාත්‍යවරුන් හා ලේකම්වරුන්ට, විදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ අවස්ථාවේ ස්තූති කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම කොළඹ පාදක කරගත් විදේශ තානාපති කාර්යාලවල තානාපතිවරුන්ට, මහකොමසාරිස්වරුන්ට, තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල නායකවරුන්ට සහ යාබද රටවල සිට ක්‍රියාත්මක අනෙකුත් නියෝජිතයන්ට ද මේ අවස්ථාවේ ස්තූති කරන බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අවසාන වශයෙන් කෘතඥපූර්වකව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වර්තමාන හා හිටපු සහෝදර නිලධාරීන්ට ද ඔවුන් තුළ තිබූ කැපවීම, සහයෝගය ද මතක් කර සිටින බවයි දන්වා සිටියේ.