රටේ පවතින වර්තමාන වාතාවරණය හේතුවෙන් ආරක්ෂාව වෙනුවෙන් අනුරාධපුර නගරය තුළ බුර්කාව හා නිකාබය තහනම කිරීමට අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස අද (09) මාසික සභා වාරයට යෝජනාවක් ඉදිරිපත් කළා.
අදාළ යෝජනාව එහිදී ඒකමතිකව සභා සම්මත වී තිබෙනවා.
ඒ අනුව බුර්කාව හා නිකාබය හැඳ මුහුණු ආවරණය කරගෙන රජයේ අනුරාධපුර නගරයේ කාර්යාල හා පුද්ගලික ආයතනවලට, පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීමට සභාව ඒකමතිකව තිරණය කර ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කරන්නේ.