Thursday, May 16, 2024

General line - 0115112241

ජාතීන් අතර ගැටුම් හටගැනීම ආරම්භ වූ හැටි මුසම්මිල්ගෙන් අනාවරණයක්




එක් එක් ජන වර්ග සහ ආගම් මත පදනම්ව දේශපාලන පක්‍ෂ පිහිටුවීම ආරම්භවීමත් සමග ජාතීන් අතර ගැටුම් හටගැනීම ආරම්භ වූ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පවසනවා.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වයට මූලික හේතුවද එය බවයි ඔහු කියාසිටියේ.

ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මොහොමඞ් මුසම්මිල් මෙම අදහස් පළ කළා.

අන්තවාදය ප‍්‍රවර්ධනයට සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී සිටින ප‍්‍රබල දේශපාලනඥයින්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් අන්තවාදය ප‍්‍රවර්ධනයවීම නතර කළ නොහැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.  

ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසිය හැකියි.