Friday, May 17, 2024

General line - 0115112241

මින් පසු සෝදිසි මෙහෙයුම්වලදී හසුවන කඩු කිණිසි ඇතුළු ආයුධ මාධ්‍ය මගින් පෙන්වන්න එපා - රජයෙන් දැනුම්දීමක්




පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු, කිණිසි, ඇතුළත් තියුණු ආයුධ සහ වෙනත් අවි ආයුධ පිළිබඳව ඇතුළත් වීඩියෝ දර්ශන, ඡායාරූප පළ කිරීමෙන් සහ විකාශය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව විසින් සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔහුගේ උපදෙස්වලට අනුව එම වැටලීම්වල වීඩියෝ දර්ශන සහ ඡායාරූප මාධ්‍ය ආයතන සතුව තිබුණද රජයේ ඉල්ලීම වන්නේ ඒවා විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

ඔහු මෙම උපදෙස් ලබාදී තිබුණේ අද (09) උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කැඳවා පැවැත්වූ සාකච්ඡාවේදීයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුවේදී දෙන තොරතුරු පමනක් වාර්තා කරන ලෙසයි සඳහන් කළේ.