Thursday, May 16, 2024

General line - 0115112241

කාන්තාවන්ගේ ආරක්ෂාවට කඩු තබා ගත්තා යැයි කියූ අමීන්ගේ ප්‍රකාශයට දැඩි විරෝධයක්




මුස්ලිම් පල්ලිවලින් සහ නිවෙස්වලින් හමුවන කඩු සහ වෙනත් තියුණූ ආයුධ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් කළ ප‍්‍රකාශය සත්‍ය ගවේශකයෝ සංවිධානයද හෙලා දකිනවා. 

මෙවැනි විසුලූ සහගත ප‍්‍රකාශවලින් සිදුවන්නේ ජාතීන් අතර තව දුරටත් විරසකයන් වර්ධනය වීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණූ දක්වන සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැදවුම්කරු නිතීඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත,

මේ අතර මුස්ලිම් පල්ලිවලින් සහ නිවෙස්වලින් හමු වූ කඩු සහ වෙනත් තියුණූ ආයුධ කාන්තාවන්ගේ සහ සෙසු අයගේද ආත්මාරක්ෂාව සඳහා තබාගත් ඒවා බවට ප‍්‍රකාශ කළ එන් එම් අමීන්, නවමනි නමැති දෙමළ පුවත් පතේ කතෘවරයාද වනවා. බී බී සී පුවත් සේවයේ ශී‍්‍ර ලංකා වාර්තාකරු අසාම් අමීන් ඔහුගේ පුත‍්‍රයායි.

මෙම අවස්ථාවේදී සමාජය බෙදී වෙන් නොවිය යුතු බවද, එකමුතුව කටයුතු කළ යුතු බවද, ඔහු පෙන්වා දෙනවා. සමාජය බෙදී වෙන්වුවහොත් ජය ලබන්නේ ත‍්‍රස්තවාදය බවයි ඔහු නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.