Friday, May 17, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරුවන් 380ක් බන්ධනාගාරයේ

නිශාන් ද සිල්වා




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් 380 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී එම පිරිස අත්අඩංගුවට ගෙන මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. එම පිරිස මේ වනවිට දිවයිනේ විවිධ බන්ධනාගාරවල රදවා තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් විශේෂ ආරක්‍ෂාව යටතේ රදවා ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින පිරිස 60 ක්. අනෙකුත් සැකකරුවන් තවත් බන්ධනාගාර 14 ක රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.