Friday, May 17, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු සියලූම දෙනාට සිය ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබා දෙන බවට විපක්ෂයෙන් සහතිකයක්

සජිත් තිලකරත්න




සිය ආණ්ඩුවක් යටතේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට අපරාධ නීතිය යටතේ දඩුවම් ලබාදෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා. මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල්තැබීමේ විවාදයේදීයි. 

රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන ඊට විරුද්ධව අදහස් දැක්වීමත් සමග ඇති වූයේ මෙවන් සංවාදයක්.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ එච් එම් හලීම් විවාදයට එක්වෙමින් කියාසිටියේ පසුගිය දිනවල මුස්ලිම් පල්ලිවලින් කඩු සොයාගැනීම් පිළිබද තමන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පේ‍්‍රමරත්නද විවාදයට එක් වුණා.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විවාදයට එක්වෙමින් පළ කළේ මෙවන් අදහසක්.