Tuesday, May 21, 2024

General line - 0115112241

අණ නොතකා ධාවනය වූ රථ දෙකකට නාවික හමුදාවෙන් වෙඩි - රියදුරෙක් මරුට

හේමන්ත කහවලගේ/ මහේෂ් චතුරංග




වත්තල, හුණුපිටිය ප‍්‍රදේශයේ මාර්ග බාධකයකදී  අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබා තිබෙනවා. 

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ නාවික හමුදාව එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් එක් මෝටර් රථයක රියදුරෙකු මියගොස් ඇති බවයි. අනෙක් මෝටර් රථයේ රියදුරුද වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලබා ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.