Tuesday, May 21, 2024

General line - 0115112241

ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට




නිකවැරටිය, හල්මිල්ලෑව හා කොබෙයිගනේ ප‍්‍රදේශවලදි ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී සොයාගෙන ඇත්තේ විදේශ රටක නිෂ්පාදිත බලපත‍්‍ර නොමැති බෝර 12 ගිනි අවි දෙකක්. 

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා අද නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.