Tuesday, May 21, 2024

General line - 0115112241

පුපුරණ ද්‍රව්‍ය ගැන පොලීසියට දැනුම් දීමට සහන කාලයක්




බලපත්‍ර රහිතව ලග තබා ගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිලිබදව පොලිසියට දැනුම් දිමට අද (11) පෙ.ව. 6:00 සිට දින තුනක සහන කාලයක් ලබාදිමට තිරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියේ බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයෙන් පුද්ගලයින් ලග තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිලිබදව හා ඒවා තබා ඇති ස්ථාන සම්බන්ධයෙන් ලගම ඇති පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දිය හැකි බවයි.

එවැනි දැනුම් දිම් සම්බන්ධයෙන් ක්‍රියා කල යුතු ආකාරය ගැන මේ වන විට දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වෙත දැනුවත් කීරිමක් සිදුකර ඇති බවත් මෙම සහන කාලය මෙම මස 14 වෙනිදා පෙරවරු 6:00ට අවසන් විමට නියම්තයි.