Wednesday, May 15, 2024

General line - 0115112241

කළුබෝවිල රෝහලේ සැකකටයුතු තිදෙනෙක් අත්අඩංගුවට ගත් කතාවේ සත්‍යතාවය රෝහල් අධ්‍යක්ෂක පහදයි

හේමන්ත කහවලගේ




කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණි සැක කටයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව රෝහල් අධ්‍යක්‍ෂ, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. රෝහලට පැමිණි වෛද්‍ය ශිෂ්‍යාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවට අසත්‍ය වාර්තා පළවන බවයි ඔහු කියා සිටියේ. 

රෝහල තුළ කිසිදු සැක කටයුත්තක් සිදුව නොමැති බවත්, රෝහලේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.