Sunday, May 12, 2024

General line - 0115112241

සති 03කට පසු කටුවාපිටිය දේවස්ථානයේ පළමු දේව මෙහෙය පැවැත්වේ




සති 03කට පසු පළමු වරට මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද ඉරු දින දේව මෙහෙය පැවැත්වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් හානි වූ දේවස්ථාන අතරින් ඉරු දින දේව මෙහෙය පැවැත්වූයේ මෙම දේවස්ථානයේ පමණක් වීමද විශේෂත්වයක්. අද (12) පැවති මෙම දේව මෙහෙයට ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් මෙන්ම සිය සමීපතමයින් අහිමි වූවන්ද එක්ව සිටියා. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසු බොහෝ ප්‍රදේශවල දහම් පාසල් සහ උපකාරක පංති ද අද දිනයේ නිසි පරිදි පැවැත්වුණා.