Wednesday, May 15, 2024

General line - 0115112241

වල දමා තිබූ ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගනී

හේමන්ත කහවලගේ




වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ තිබී ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ රිපීටර් වර්ගයේ ගිනිඅවි 02ක්, ෂොට්ගන් 02ක් සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයා ගත් බවයි.

මීට අමතරව ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 342ක්, මිලිමීටර් 75 වර්ගයේ ජීව උණ්ඩ 06ක් සහ ෂොට්ගන් වර්ගයේ පතරොම් 593ක්ද මෙහිදී සොයා ගැනුණා. ප‍්‍රදේශයේ වළදමා තිබියදී මෙම ගිනිඅවි සහ ජීව උණ්ඩ සොයා ගෙන තිබෙනවා.