Wednesday, May 15, 2024

General line - 0115112241

වයඹ පළාතටම ඇඳිරි නිතිය

දිනුක් හේවාවිතාරණ / මහේෂ් චතුරංග




කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ ඊයේ (12) දිනයේදී වෙළදසැල් තුනකට ගල්මුල් ප්‍රහාරයක් එල්ල  සිද්ධියක් වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස් ඇඳිරි නිතිය පැනවූ බවත් අද දිනයේදී ද වෙළදසැල් කිහිපයකට ප්‍රහාර එල්ල වූ බැවින් එම තත්ත්වය පැතිරී යාම වැළැක්වීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පලාතට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

මෙම සිද්ධියේදී දේපල හානි පමණක් සිදුව ඇති බවත් පුද්ගලයින්ට තුවාල සිදුවූ බවට පැතිරී යන කටකතාවල කිසිදු සත්‍ය තාවයක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේ.

..............................................

කුලියාපිටියට යලි පොලිස් ඇඳිරි නිතිය පැනවේ

(13-05-2019 14:40)

ඇතිවී තිබෙන නොසන්සුන් තාවයක් පාලනය කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (13) දහවල් 2.00 සිට හෙට (14) අළුයම 4.00 දක්වා කුලියාපිටිය ඇතුළු පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නිතිය  තිබෙනවා.

ඒ අනුව කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ දුම්මලසුරිය යන ප්‍රදේශයන්ට මෙලෙස ඇඳිරි නිතිය පැනවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.