Wednesday, May 15, 2024

General line - 0115112241

වෙසක් උත්සවය අවලංගු නොකරන බව අගමැති පවසයි




එළඹෙන වෙසක් උත්සවය කල් දැමීමට හෝ අවලංගු කිරීමට කිසිසේත් කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනායක හිමිවරුන්ගේ උපදෙස් පරිදි ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් වෙසක් උත්සවය මෙවර ද සමරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. අවශ්‍ය ආරක්ෂාව රජය තහවුරු කරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

ආමිස පූජා පිංකම් සඳහා ද මැලිවිය යුතු නොමැති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි අවධාරණය කළේ. 

අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළේ අරලිය ගහ මන්දිරයේ අද (13) පැවැති උත්සවයකදීයි. ක්‍රීඩා පුහුණු නිලධාරීන් 3888 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබුණා.