Monday, May 13, 2024

General line - 0115112241

සියලු දෙනාට සාමකාමී වෙන්නැයි ඉල්ලීමක්

සජිත් තිලකරත්න




කලහකාරී කටයුතුවලින් සිදුවන්නේ අවස්ථාවාදී දේශපාලනඥයින්ට හා විදේශීය බලවේගවලට උදව් දීම පමණක් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එබැවින් සියලූ දෙනා සාමකාමීව කටයුතු කළ යුතු බවයි. 

මේ අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසුවේ මෙම අවස්ථාවේ සියලූ දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි. 

සිය ප‍්‍රදේශවල සාමය සහ සහජීවනය ආරක්ෂා කිරීමට කැප වන ලෙස ද කාදිනල් හිමියන් මෙහිදී සියලූ ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කළා.