Monday, May 13, 2024

General line - 0115112241

ඉන්දියාව LTTEයට පනවා තිබූ තහනම තවත් වසර 05කින් දීර්ඝ කරයි

කසුන් කැළුම්




එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉන්දියාව තුළ නීතිවිරෝධී සංවිධානයක් ලෙස පනවා තිබූ තහනම එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වසර 05කින් දීර්ඝ කර තිබෙනවා.

2014 වසරේදී ප‍්‍රකාශයට පත් කළ එම තහනම් නිවේදනය මෙලෙස දීර්ඝ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එල්. ටී. ටී. ඊ. තහනම දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ එම සංවිධානය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සහ එරට පුරවැසියන්ට තවමත් ප‍්‍රභල තර්ජනයක් එල්ල කරන බවයි.