Saturday, May 11, 2024

General line - 0115112241

මුළු දිවයිනටම අදත් ඇඳිරි නිතිය

දිනුක් හේවාවිතාරණ




මුළු දිවයිනටම බලපාන පරිදි අදත් (14) රාත්‍රී  9.00 සිට හෙට (15) අළුයම 4.00 දක්වා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නිතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

එමෙන්ම ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 7 සිට හෙට උදැසන 6 දක්වා ඇදිරි නිතිය පනවන අතර ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගනේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති. 

වයඹ පලාතට අද සවස 6.00 සිට හෙට උදැසන 6.00 දක්වා ඇදිරි නිතිය පැනවීමට තීරණය කර ඇත.