Monday, May 13, 2024

General line - 0115112241

වෙසක් උත්සවය කඩා කප්පල් කිරීමට ඉඩ නොදෙන බවට අගමැතිගෙන් සහතිකයක්

නිශාන් ද සිල්වා




රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලු බලතල ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය රැස්කර ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර මෙම පියවර ගත් බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කුලියාපිටිය, හෙට්ටිපොළ සහ පඬුවස්නුවර යන ප්‍රදේශවල වත්මන් තත්වය සොයා බැලීම සඳහා අද එම ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසුවයි. 

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට සහ ඊට අනුබල දුන් සියලුදෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග ආරක්ෂක අංශවලින් අද ඉල්ලීමක් කළා. ඒ, මිනුවන්ගොඩ නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.