Tuesday, May 14, 2024

General line - 0115112241

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව සිටින්න : ත්‍රයිනිකායික මහ නාහිමිවරුන් ගෙන් ඉල්ලීමක්

සමන්ත කුමාර / සමීර ගොඩපිටිය




ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන්නැයි ත්‍රයිනිකායික මහ නාහිමිවරුන් සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ නාහිමිවරුන් පවසන්නේ වෙසක් පොහෝ දිනය සැදැහැ සිතින් අනුස්මරණය කිරීමේ සාමකාමී පරිසරයක් ඇති කිරීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවයි. පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු එහි වින්දිතයින්ගේ සිත්සතන් තුළ විශ්වාසය හා නීතියේ සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන ආකාරයක් ද දක්නට ලැබෙන බව එම නිවේදනයේ සඳහන්.

නිසි වේලාවට, නිසි ආකාරයට කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා යළි ඇති වී තිබෙනවා. මීට පෙරද අවස්ථා කිහිපයක දී රටේ යහපැවැත්ම උදෙසා මහා සංඝරත්නය අනුශාසනා ලබාදී ඇති නමුත් ඒවා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි ත්‍රයිනිකායික මහ නාහිමිවරුන් පෙන්වා දෙන්නේ. 

මේ අතර ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ද අදහස් පළ කළා. 

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරූ ජයසුරිය මහතාද පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජනතාව අතරින් පැන නොනැගුණු තත්වයක් එයින් සති 03කට පසු මතු වීමෙන් පැහැදිලි වන්නේ මේ පිටුපස යම් සැලසුම් සහගත පටු උවමනාවක් ක්‍රියාත්මක වන බවයි. 83නේ මෙන් යළිත් රට අඳුරු යුගයකට ඇද නොදමා බුද්ධිමත්ව කටයුතු කරන්නැයි කථානායකවරයා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා.