Sunday, May 12, 2024

General line - 0115112241

එජාපයට බලය හිමි මාවනැල්ල ප්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජනාවක් පරාජය වෙයි

සමන් විජය බණ්ඩාර




මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගෙවීම් අනුමත කිරීමේ යෝජනාව අද වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා. යෝජනාව පරාජය වීමත් සමඟ ගෙවීම් වාර්තාව අත්හිටුවීමට ද කටයුතු කෙරුණා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලය හිමි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි. සභාව අද කැඳවූ අවස්ථාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත් විපක්ෂයේ අසුන්ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.