Saturday, May 11, 2024

General line - 0115112241

සිංහල බෞද්ධයින් බහුතරයක් ඇතත් සෙසු ජාතීන් දෙවන නොවන බවට මංගලගෙන් යළිත් ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර / සජිත් තිලකරත්න




පවතින තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක මතයක සිට ජනතාවට පණිවිඩයක් ලබාදිය යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. එසේ සිදු කිරීමෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ හැකි බවයි කථානායකවරයා පෙන්වා දෙන්නේ. 

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර කොළඹ අද (14) පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින නමුත් අනෙකුත් ජාතිකයින් දෙවන පුරවැසියන් බවට පත් නොවන බවයි. 

අද පැවති ජාතික මග වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් ද රටේ තත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.