Saturday, May 11, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු උද්ගත වී ඇති තත්ත්වය තවදුරටත් වර්ධනය නොවීමට වගබලා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකා රජයෙන් හා හමුදාවෙන් ඉල්ලීමක් කරනවා.

හදිසි නීතිය යටතේ සිදු කරන මැදිහත්වීම් සමානුපාතිකව සහ කිසිවෙකු වෙනස්කොට නොසලකමින් සියලූ ප‍්‍රජාවන්හි අයිතිවාසිකම් හා ගරුත්වය රැකෙන පරිදි ඔවුන්ට ආරක්ෂාව ලබාදෙමින් සිදු කරන ලෙයසි එක්සත් ජාතීන්ගේ සංවිධානය දන්වා සිටින්නේ. 

දැන්, එකට එක්ව ප‍්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා කාලය උදා වී තිබෙනවා. මේ සඳහා දේශපාලඥයින්, ආරක්ෂක හමුදාවන් සහ ප‍්‍රජා නායකයින් ඇතුළත් ඒකාබද්ධ ප‍්‍රවේශයක් අවශ්‍ය බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසනවා.