Tuesday, May 14, 2024

General line - 0115112241

බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ගැන පැහැදිළි කිරීමක්

හේමන්ත කහවලගේ/නිශාන් ද සිල්වා




අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් එය වඩාත් වැදගත් වනු ඇති බවයි. 

බොහෝ දුරට අද දිනයේ දී විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමට හැකි වනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.