ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත‍්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත‍්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
අද චීනයේ බීජීං අගනුවරදී ආරම්භ වූ ‘‘ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව’’ අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙම සමුළුවෙන් නැගෙන හඬ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය සහ ආගමික ත‍්‍රස්තවාදයන් පරාජය කිරීම සඳහා ශක්තියක් කරගත යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.