අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීම සදහා චීන සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) දින අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම පිරිස අද දින අලුයම 5.15 ට චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.