Tuesday, May 14, 2024

General line - 0115112241

බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංගය තවත් පැය කිහිපයකින් කථානායකට

ලහිරු කපුගේ




අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසිමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ උදෑසන 10.00ට විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවයි. 

මෙම විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන අනෙක් පාර්ශ්ව පිළිබඳව ද නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "ජවිපෙ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් පිළිබඳත් මෙම චෝදනා අතරේ තිබෙනවා. ඒ නිසා ජනතා විමුත්කි පෙරමුණට මේකට අත්සන් කරන්න අපි ආරාධනා කළේ නෑ. ඔවුන් අපහසුතාවයට පත්වෙන නිසා. නමුත් ඔවුන්ට ඕනේ නම් පුළුවන් අන්තවාදයට තමන්ගේ විරෝධය පෙන්නුම් කරන්න විවාදයේදී එකට එකතු වෙන්න පුළුවන්. ශ්‍රීලනිපය දැනුම් දුන්නේ මන්ත්‍රි කණ්ඩායම සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි. " යනුවෙනි.