Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

සමන්ත කුමාර/ලහිරු කපුගේ




වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට පනවා තිබූ පොලිස් ඇඳීරි නීතිය අද (16) අලුයම 04.00ට ඉවත් කෙරුණා.

සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් ඊයේ (15) රාතී‍්‍ර 07.00 සිට එම ප‍්‍රදේශවලට පොලිස් ඇඳීරි නීතිය පනවා තිබුණා.

මීට දින කිහිපයකට පෙර කලහකාරී සිදුවීම් වාර්තා වූ ප‍්‍රදේශවල ආරක්ෂාව පොලීසිය හා ආරක්ෂක අංශ එක්ව තවදුරටත් තර කර තිබෙනවා. අදාළ සිද්ධීන්වලට සම්බන්ධ විමර්ශන මේ වනවිටත් කි‍්‍රයාත්මක අතර ඊයේ දිනය වනවිට වයඹ පළාතේ කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් 78දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.