Wednesday, May 15, 2024

General line - 0115112241

"මූල්‍ය බුද්ධි කටයුතු ගැන රජය දක්වන අවධානය මදි"

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




ගෝලීය ත‍්‍රස්තවාදය පැරදවීම සඳහා රජය මූල්‍ය බුද්ධි ඒකකයේ කටයුතු කාර්යක්ෂම කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙනවා. ඒ පිළිබඳ රජය දක්වන අවධානය කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පෙන්වා දෙන්නේ. 

2015 වසරේ සිට සිදුව ඇති ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සැකකටයුතු මූල්‍ය සැපයීම් පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නා.