Wednesday, May 15, 2024

General line - 0115112241

"විදුලි බුබුලක් දල්වලා පහන් පූජාවට කියන ගාථාව කියන්න බෑ"

ලහිරු කපුගේ




පිංබර වෙසක් මංගල්‍යය උදාවීමට ඉතිරිව ඇත්තේ තවත් දින 02ක් පමණයි.

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සැමරීමට සිදුව ඇත්තේ වෙනස් පසුබිමකයි.

ආමිස පූජාවන්ට වඩා ප‍්‍රතිපත්ති පූජාවන්ට වැඩි නැඹුරුවක් දක්වමින් මෙවර වෙසක් සැමරීම සිදු කිරීමට රටම පෙළ ගැසී ඇත්තේ එවන් පසුබිමකයි.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය වව්නියාවේ පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළේ "සමහරු ප්ලාස්ටික් මල් ගෙනත් බුදුන්ට පූජා කරනවා. ඔබ කරන පූජාව ධර්මයට අනුව ගැලපෙන්න ඕනේ. සමහරු පහන වෙනුවට විදුලි බුබුලක් දල්වනවා. පහන තුළින් තමයි ධර්ම කාරණාව සිහිපත් වෙන වැදගත්ම සංඛේතය වෙන්නේ. විදුලි බුබුලක් දල්වලා පහන් පූජාවට කියන ගාථාව කියන්න බෑ." යනුවෙනි. 

අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් නෙත් නිවුස් ගෙන එන විශේෂාංග මාලාවෙන් තවත් අදියරක් පහතින් අහන්න.