Tuesday, May 14, 2024

General line - 0115112241

දේශීය සංචාරකයින්ට සීගිරිය දින 03ක් නොමිලේ විවෘත වෙයි

කාංචන කුමාර ආරියදාස




සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 දිනවල දේශීය සංචාරකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ඒ, වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීවයි.

සීගිරියේ කැනීම් තුළින් හමුවූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් කිහිපයක් ද එම දින 03 තුළ කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත පැවසුවා.

අදාළ දිනයන්හි සීගිරිය පුරා විද්‍යා පරිශ‍්‍රයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව එක් කර ගන්නා බවද සීගිරි ව්‍යාපෘති කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා.