Wednesday, May 22, 2024

General line - 0115112241

අපරාධ වැඩිවීමට හේතු වූ සමාජ තත්වයන් වෙනස් කිරීමට කැපවන බව ජනපති කියයි (PHOTOS)




අපරාධ වැඩිවීමට හේතු වන සමාජ තත්වයන් වෙනස් කිරීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෙසක් පොහොය නිමින්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකුට නිදහස ලබාදීමේ අවස්ථාවට අද (18) එක්වෙමින්. 

අද දිනයේ නිදහස ලද සියලු දෙනාට තම අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සපයන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. 

මෙම උත්සවය වැලිකඩ බන්ධනාගාරයේ පැවති අතර ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස්කිරීමේ අවස්ථාවකට ජනාධිපතිවරයෙකු සහභාගි වූ පළමු අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.