Tuesday, May 21, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට තරග කරන බව ගෝඨාභය යළි තහවුරු කරයි

කසුන් කැළුම්




ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි ප්‍රකාශ කර තිබෙනවා. ඒ, අල්ජසීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තීරණය කළේ බොහෝ කලකට පෙරයි හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත්තේ. 

රටේ මතුව ඇති ආරක්ෂක තත්වයත් සමඟ තමන්ට ජනාධිපතිවරණයට තරග වැදීමට අවස්ථාවක් උදාවී ඇත්දැයි  අල්ජසීරා රූපවාහිනිය මෙහිදී ඔහුගෙන් විමසා තිබෙනවා. එහිදී අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මැතිවරණය නොව රට සහ ජාතියට සිදුවන විනාශය පිළිබඳ තමන් අවධානය යොමු කරන බවයි.