Wednesday, May 22, 2024

General line - 0115112241

බන්ධනාගාර රැඳවියෙකු වූ උපාධිය හදාරමින් සිටින ඉන්දිකගේ ඉල්ලීම් දෙක ජනපතිට කියයි (PHOTOS)




බන්ධනාගාර රැඳවියෙකු වූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ ජනාධිපතිගෙන් කළ ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටිනවා.

වෙසෙක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව ලබාදීමේ අවස්ථාවට ඊයේ (18) එක්වීම වෙනුවෙන්  බන්ධාගාර පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා හමු වූ ඔහු, ඉල්ලා සිටියේ තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත් ඉදිරි බොක්සින් ශුරතා තරඟයට ඉදිරිපත්වීමට අවස්ථාව සළසා දෙන ලෙසයි.

එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඔහුගේ නිබන්ධනය සම්පූර්ණකර ගැනීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළ අතර, අදාළ තරඟයට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වෙත උපදෙස් දුන්නා.