Tuesday, May 21, 2024

General line - 0115112241

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ

කසුන් කැළුම්




මානුෂීය මෙහෙයුමේදී දිවි කැප කළ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මියගිය රණවිරුවන්ගේ ඥාතීන් ද එම අවස්ථාවට එක්වීමට නියමිතයි.

මෙවර ජාතික රණවිරු සැමරුම නම් කර ඇත්තේ දස වර්ෂාභිෂේක සැමරුම ලෙසයි.

දිවි කැප කළ රණවිරුවන් සිහිකරීම රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල සහ සියළු නිවෙස්වල සාමයේ පහනක් දල්වා ඔවුන් සිහිපත්කරණ ලෙයසි ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලීමක් කළේ.

ජාතික රණවිරු සැමරුමට සමගාමීව දිවයිනේ පළාත් 09යම ආවරණය වන පරිදි අද දිනයේ රණවිරු සැමරුම් සංවිධාන කර තිබෙනවා.