Friday, May 17, 2024

General line - 0115112241

ශරීයා විශ්ව විද්‍යාලවලට අනුමැතිය නැහැ - මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට




දැඩි කතාබහකට ලක්ව ඇති මද්‍රසා අධ්‍යාපන ආයතන, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නැගෙනහිර ශරීයා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව පිළිබඳ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසුවයි. 

ශරීයා විශ්වි විද්‍යාලයකට අනුමැතිය ලබා නොදෙන බවද, අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

දැන් රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.