Saturday, May 11, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසමට අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ඇමති රවීට නඩු පවරන බව නීතිපති කියයි.

එස්. දිනේෂ්




බැදුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව නඩු පවරන බව නීතිපතිවරයා අද කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

රවී කරුණානායකට අයත් පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ඇතැම් ලේඛන මෙතෙක් ලැබී නොමැති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම එහිදී අධිකරණයට දැනුම් දුන්නේ. 

එමෙන්ම රවි කරුණානායක අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ප‍්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් එම ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩු පැවරීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් දැනුම් දුන්නා.