Monday, May 13, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිදුවන දෙයක් ගැන විපක්ෂයෙන් චෝදනා

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේදී සිදුවන්නේ ආණ්ඩුවේ නායකයින් දෙදෙනාගේ බලඅරගලයේ කොටසක් පමණක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා. 

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් හෝ නව නීතිි ගෙන ඒම පිළිබද සාකච්ඡාවක් එහිදී සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ. 

 

ජාතික ආරක්‍ෂාව හේතුවෙන් පාර්ලිමේන්තුවේදී පවා අනාවරණ නොකෙරෙන කරුණු එම කාරක සභාවේදී හෙළි කෙරෙන්නේ කෙසේ දැයි මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රශ්න කළා.