Tuesday, May 7, 2024

General line - 0115112241

විපක්ෂ නායක අරලියගහ මන්දිරයට එයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ/තරංග රුක්ෂාන්/මහේෂ් චතුරංග




විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට අරලියගහ මන්දිරයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් සඳහායි. 

 

--------------------------------

රනිල් - මහින්ද හමුවක් 

(03-06-2019 07:24)

තරංග රුක්ෂාන්/මහේෂ් චතුරංග

 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි.

ජනතාවට සහන පැකේජයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු වන බව ඔහු ප‍්‍රකාශ කළා. 

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ පාර්ශ්වයන්ට සහන ලබා දෙන බවට ආණ්ඩුව ප‍්‍රකාශ කළ ද මේ වනතෙක් කිසිඳු සහනයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.