Tuesday, May 7, 2024

General line - 0115112241

කාදිනල් හිමියන් රතන හිමි බැලීමට එයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද (03) පෙරවරුවේ පැමිණ සිටියා.

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස උපවාසයේ නිරත වනවා.

මෙහිදී කාදිනල් හිමියන් කියා සිටියේ "ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන ඒ සැකය.. බිය...ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න.. ඒකට අනුබල දීලා.. ඒවා ඉස්මතුවෙන්නට ඉඩ දී මෙම ප්‍රහාරයට වක්‍රව සහභාගී වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නෑ. ඒ නිසා මේ පිටුපස ඉන්න අය ගැන ඉතාමත් විශේෂ ආකාරයෙන් සෙවිය යුතුයි කියලා මා විශ්වාස කරනවා." යනුවෙනි.