Monday, May 6, 2024

General line - 0115112241

පාසිකුඩා හෝටලයේ ආන්දෝලනාත්මක වීඩියෝව පාර්ශ්ව රැසකගේ දැඩි අවදානයට (VIDEO)




නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලුම්ගල පළමුවරට හෙළි කළ ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසුදින එනම් අපේ‍්‍රල් 22 වැනිදා රාති‍්‍රයේ පාසිකුඩා ප‍්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලකට පැමිණ ආණ්ඩුකාරවරයා එහි සිටි පිරිසක් හමුවී සාකච්ඡා කරන අයුරු අදාළ වීඩියෝවේ සඳහන්.

අපේ‍්‍රල් 18 වැනිදා මෙරටට පැමිණ ඇති එම පිරිස සෞදි ජාතිකයින් බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. 

නෙත් එෆ්. එම්. බැලුම්ගල පළමුවරට හෙළි කළ මෙම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින් දැක්වෙයි.