Monday, May 13, 2024

General line - 0115112241

ඔබගේ දෑත් ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් මා ඉල්ලා අස්වෙනවා : හිස්බුල්ලා ජනපතිට ලියයි

අමදෝරු අමරජිව




මගේ ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා ඔබගේ දෑත් ශක්තිමත් කිරිමේ බලාපොරොත්තුවෙන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව නැගෙනහිර  ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවමින් පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත යැව් ඉල්ලා අස්විමේ ලිපියේ තවදුරටත් මෙසේ දැක්වේ.

" 2019 අප්‍රේල්21 වන දින  අවාසනාවන්ත ලෙස සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව මුස්ලිම් ආගමික නායකත්වය සහ මුස්ලිම් ආගමික ප්‍රජාව දැඩි ලෙස හෙලාදකිමින් කටයුතු කර තිබෙන පසුබිමක් තුල තවදුරටත් මුස්ලිම් ප්‍රජාව අපකිර්තියට පත් කිරිම සදහාත් මුස්ලිම් ප්‍රජාව පිළිබදව භයානක මනෝ භාවයන්  මවා පෑම සදහාත්  සූක්ෂම ව්‍යාපාරයක් දියත් වෙමින් පවති.

නැගෙනහිර ආණ්ඩුකාර ලෙස සියලු ප්‍රජාවන්ගේ  හා රටේ යහපැවැත්ම සහ සුභ සාධනය පිණිස අවංකවත් සත්‍යාවාදි ලෙසත් මෙතෙක් කැප විමෙන් කටයුතු කර ඇත්තෙමි. කෙසේ වුවද මා අයත් වන ප්‍රජාව ඉලක්ක කර ජාතිවාදි බලවේගයන් විසින් නිසි හේතුවක් රහිතව මාගේ ඉල්ලා අස්විම සදහා බලපෑම් කරයි. එමෙන්ම මා ඉල්ලා අස් නොවුනහොත් මුස්ලිම් ප්‍රජාවගේ දේපල ජිවත විනාශ විමේ බරපතල තර්ජනයක් මේ සමග ඉස්මතු වි ඇත.

මා ආණ්ඩුකාර දූරයෙන් ඉල්ලා නොඅස්වන හෝ ධුරයෙන් ඉවත් නොකරන තත්වයක් තුල මාගේ ප්‍රජාවගේ ආරක්ෂාව සදහා කිසිදු සහතිකයක් නොමැති බව මා හට අවබෝධ වී ඇත. මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව පිළිබදව කිසිදු සහතිකයක් දිය නොහැකි තතත්වයක් උද්ගතවි ඇති බව මා හට පැහැදිලිවම ඒත්තු ගොස් ඇති බැවින් මාගේ ප්‍රජාවගේ යහපැවැත්ම පිළිබදව පමණක් සැලකිල්ලට ගනිමින් නැගෙනහිර පලාත් ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇත්තෙමි".