Monday, May 13, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරයට 2289ක් අත්අඩංගුවේ

දිල්ශාන් තුෂාර




පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව වහාම සහ ඉන් පසුව කෙරුණු විමර්ශනවල දී පුද්ගලයින් 2,289 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මේ වනවිට ඇපමත මුදාහැර හෝ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් හෝ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 575 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගැණුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.