Saturday, May 11, 2024

General line - 0115112241

එකවර සියලු දෙනා ඉවත් වූ අරමුණ හිටපු ඇමතිවරයෙක් කියයි

සජිත් තිලකරත්න




තමන් ඇතුළු ආණ්ඩුවේ සිටි මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස් වුණේ චෝදනා එල්ල වී සිටින පිරිස් ආරක්‍ෂා කිරීමේ අරමුණින් නොවන බව හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකට ප‍්‍රතිචාර  දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව පමණක් දැයි නෙත් නිවුස් මෙහිදී හිටපු අමාත්‍ය අබ්දුල් හලීම්ගෙන් ප‍්‍රශ්න කළා.  

එහිදී "අපේ ජනතාව දැන් ගොඩාක් දුක් විඳිනවා. හිර ගෙවල්වල. ඒ කට්ටිය ඔක්කොම ත්‍රස්තවාදී පනත යටතේ පුංචි පුංචි කාරණාවලට හිර කරලා තියෙන්නේ. තාමත් අපිට හිරිහැරනේ කරන්නේ. ඒ නිසා අපි ඉවත් වුණා. අපි මේ රටට ආදරෙයි." යනුවෙන් සඳහන් කළා.